නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර
නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා හඳුන්වාදුන් නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර දියතලාව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථකව නිමවෙමින් පවති.

පුරා සති තුනක කාලයක් අදාල පාඨමාලාවේ පළමු අදියර දියතලාව පුහුණු මධ්‍යස්ථානයේදී ගැහැනු ළමුන් 221 සහ පිරිමි ළමුන් 199 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙම පාඨමාලාව මැයි මස 22 දා ආරම්භ විය.

මෙහිදී නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා කායික, සරඹ, විශේෂ දේශන, ස්වස්ථතාව සහ ප්‍රථමාධාර, ඉතිහාසය, චාරිත්‍ර, ආචාර ධර්මය සහ සමාජ ප්‍රතිමාන යන මාතෘකා ඔස්සේ දැනුම ලබා දීම සිදු කරනු ලබයි.

උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පසුගිය ජුනි 07 වනදා දියතලාව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වන පුහුණුවීම් නිරීක්ෂන සඳහා පැමිණීම විශේෂත්වයකි.

කඳවුරු අණදෙන නිළධාරි 'ගෲප් කැප්ටන්' ජනක අමරසිංහගේ පූර්ණ මගපෙන්වීම යටතේ, බළඝණ නායක කණිෂ්ක ජයසේකර සහ චන්දන මුණසිංහ යන නිළධාරීන් ඇතුළු කඳවුරේ සියළු නිළයන්ගේද සහයෝගයෙන් මෙම පුහුණු පාඨමාලාව සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 422 දෙනෙකුගෙන් සමන්විත මෙම නායකත්ව පුහුණු පාඨමාලාව මෙම මස එනම් ජුනි 10 වන දින තෙක් ක්‍රියාත්මක වීමට සියලු කටයුතු සුදානම් කොට ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි