ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂිකාර්මික ඒකකය මගින් පෝෂණ බහුල කුකුල් මස් නිශ්පාදන හඳුන්වා දෙයි
ගුවන් හමුදා කෘෂිකාර්මික ඒකකය විසින් 2023 නොවැම්බර් 14 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී නව කෘෂි නිෂ්පාදන වැඩසටහනක් දියත් කරන ලදී. මෙම දියත් කිරීමේ අවස්ථාවට ගුවන් හමුදා කෘෂි අංශයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් දමින්ද සමරතුංග මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය මගින් කුකුළු මස් කුට්ටි නිෂ්පාදනය, නැවුම් කුකුල් මස් සහ නිර්දේශිත ආහාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් කිසිදු රසායනික කල් තබා ගන්නා ද්‍රව්‍යයකින් තොරව පෝෂ්‍යදායී සැකසූ කුකුල් මස් නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. මෙම උසස් තත්ත්වයේ නිෂ්පාදන දැන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ කෘෂි ගොවිපල සාප්පුවෙන් ලබා ගත හැකි අතර අවශ්‍ය පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක වෙළඳසැල් වෙත බෙදා හැරීමට ඉල්ලා සිටිය හැක. විශේෂ සහන මිලකට ග්‍රෑම් 500 සිට පැකේජයන් ලබාගැනිමට යැකියාව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි