ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර 39 වැනි සංවත්සරය සමරයි
7:57pm on Tuesday 21st November 2023
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර එහි 39 වන සංවත්සරය 2023 නොවැම්බර් 16 වන දින ප්‍රජා සත්කාරක රැසක් සමගින් සමරන ලදී. චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් උත්සවය ආරම්භ කෙරුනු  අතර. කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.පී.අබේවික්‍රම මහතාගේ මගපෙන්වීම යටතේ උත්සවයට සමගාමීව පරිසර සංරක්ෂණය අවධාරණය කරමින් පැළ සිටුවීමේ වැඩසටහක්ද පැවැත්විණි.

නිළධාරීන් සෙසු නිලයින් සිවිල් කාර්ය මණ්ඩලය සමග එක්ව සුහදත්වය වර්ධනය කිරීම සඳහා සුහද ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලද අතර  දිවා භෝජන සංග්‍රහයකින් දින සැමරුම අවසන් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි