නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර අතිසාර්ථකව අවසන්
නවක විශ්වවිද්‍යාල සිසුන් සඳහා හඳුන්වාදුන් නායකත්ව පුහුණු පාඨමාලාවේ පළමු අදියර දියතලාව ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේදී අති සාර්ථක අන්දමින් පසුගිය (ජුනි 11) අවසන් විය.

පුරා සති තුනක කාලයක් අදාල පාඨමාලාවේ පළමු අදියර දියතලාව පුහුණු මධ්‍යස්ථානයේදී ගැහැනු ළමුන් 221 සහ පිරිමි ළමුන් 199 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මෙම පාඨමාලාව මැයි මස 23 දා ආරම්භ විය.

මෙහිදී නවක විශ්ව විද්‍යාල සිසුන් සඳහා කායික, සරඹ, විශේෂ දේශන, ස්වස්ථතාව සහ ප්‍රථමාධාර, ඉතිහාසය, චාරිත්‍ර, ආචාර ධර්මය සහ සමාජ ප්‍රතිමාන යන මාතෘකා ඔස්සේ දැනුම ලබා දීම සිදු කරනු ලබයි.

අනාගතයේදී රටේ නායකත්වය භාර ගැනීමට සූදානමින් සිටින ළමුන් පුහුණු කිරීම සඳහා තම කඳවුරට අවස්ථාව ලබා දීම වෙනුවෙන් දියතලාව පුහුණු කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජනක අමරසිංහ මෙහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම යන මහත්වරුන්ට ස්තූතිය පුද කර සිටියේය.

කඳවුරු අණදෙන නිළධාරිවරයාගේ පූර්ණ මගපෙන්වීම යටතේ, බළඝණ නායක කණිෂ්ක ජයසේකර සහ චන්දන මුණසිංහ යන නිළධාරීන් ඇතුළු කඳවුරේ සියළු නිළයන්ගේද සහයෝගයෙන් මෙම පුහුණු පාඨමාලාව සාර්ථක අන්දමින් අවසන් විය. අවසාන වශයෙන් නායකත්ව පුහුණු පාඨමාලාවේ සමාජිකයින් වෙනුවෙන් ගුවන් හමුදා 'ඊගල්' සංගීත කණ්ඩායමේ සංගීත රාත්‍රියක්ද පැවැත්විණි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි