හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර 45 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර සිය 45 වන සංවත්සරය 2023 නොවැම්බර් 23 වන දින සමරනු ලැබීය.  ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.එම්.ඒ මෙන්ඩිස් නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ප්‍රජා සේවා ව්‍යාපෘති සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම් කටයුතු ආරම්භ විය. පෙළපාලියෙන් අනතුරුව කදවුරු ක්‍රීඩා පිටියේදී ක්‍රිකට් තරගයක් පැවැත්වුණු අතර, සියලු නිලයන් සඳහා වූ දිවා භෝජන සංග්‍රහයකින් උත්සවය අවසන් විය.

සංවත්සර උත්සවයට සමගාමීව ලේ දන්දීමේ වැඩසටහනක් සහ රුක් රෝපණ වැඩසටහනක් පැවැත්විණී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි