රාජ්‍ය අන්තර් ආයතන පිරිමි සහ කාන්තා එල්ලේ ශූරතාවලිය - 2023
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය විසින් සංවිධානය කරන ලද ප්‍රමුඛතම වාර්ෂික ඉසව්වක් වන රාජ්‍ය අන්තර් ආයතන පිරිමි සහ කාන්තා එල්ලේ ශූරතාවලිය 2023 නොවැම්බර් 25 වන දින වැලිසර නවලෝක සීවලී ක්‍රීඩා පිටියේදී නිමාවට පත් විය.

ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ සභාපති නාමල් සුරංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. මෙම තරඟාවලිය සඳහා විවිධ රාජ්‍ය ආයතන තරඟ වැදුණි.

පිරිමි අංශයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කරමින් "බී" කොටසේ අනුශූරතාවය තහවුරු කර ගන්නා ලදී. තරගාවලිය පුරාවටම ගුවන් හමුදා පිරිමි කණ්ඩායම තම දක්ෂතා විදහා දැක්වූයේ වත්තල, කටාන, කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ කණ්ඩායම් වැනි අභියෝගාත්මක ප්‍රතිවාදීන් පරාජය කරමිනි. මෙම තරගාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව අවසන් මහා තරගයක් ලෙස අවසන් වූ අතර එහිදී ඔවුන් පරාජයට මුහුණ දී තිබියදීත් ප්‍රශංසනීය ක්‍රීඩාශීලිත්වයක් පෙන්නුම් කළේය.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා එල්ලේ සංචිත ලේකම් වින්ග් කමාන්ඩර් ජී.ඩී.පී ප්‍රේමදාස සහ ගුවන් හමුදා එල්ලේ සංචිත සහකාර ලේකම් ස්කොඩ්‍රන් ලීඩර් කේ.එම්.බී.ආර් කෝනාර ඇතුළු නිළධාරීන්, සෙසු නිලයින් රැසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි