
අභිනවයෙන් පත් වූ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
හිටපු නාවික හමුදාපති, හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න (විශ්‍රාමික) මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර හමුවක් 2023 නොවැම්බර් 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිමු විය




අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවකින් අනතුරුව සංචාරය සනිටුහන් කිරීම සඳහා දෙදෙනා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.




