අංක 55 වෘත්තීමය නිළධාරී පාඨමාලාව
අංක 55 වෘත්තීමය නිළධාරී පාඨමාලාවඅංක 55 වෘත්තීමය නිළධාරීගේ පාඨමාලාව හැදෑරු ශිෂ්‍ය නිළධාරීන් ගුවන් හමුදා අධිකාරි ලත් නිළධාරීන් බවට පත් කිරීමේ උත්සවය පසුගිය ජූනි 02 වන දින දියතලාව පුහුණු කඳවුරේදී නිමාවට පත්විය.

දියතලාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජනක අමරසිංහගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

මෙම කණ්ඩායාමට ශිෂ්‍යයින් 33 දෙනෙකු අන්තර්ගත වූ අතර, මොවුන්ගේ සුදුසුකම්වලට අනුව විද්‍යුත් ඉංජිනේරු, ගුවන් ධාවන පථ ඉදිකිරීම් පක්ෂාංගය සහ සැපයුම් යන ශාඛාවන් සඳහා නියමු නිළධාරි, පියාසර නිළධාරි සහ බලපංති ලුතිනන් ලෙස පත් කරන ලදී.

පුරා මාස තුනක් මුළුල්ලේ දියතලාව පුහුණු කඳවුරේදී පැවැත්වුණු පුහුණුවීම්වල ප්‍රතිඵල විදහා දැක්වීම පිණිස විසිර යාමේ පෙළපාලියක් එදින පැවැත්විණි.

තවද මෙම අවස්ථාවට පැමිණ සිටි නව නිළධාරින්ගේ නෑදැ හිතමිතුරන් සඳහා දවල් ආහාරය පිළිගැන්වීමක්ද සිදු විය. එසේම නව නිළධාරීන් වෙනුවෙන් විශේෂ උත්සවයක්ද පැවැත්වීම විශේෂත්වයකි.   




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි