ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 නොවැම්බර් 29 වන දින කදවුරු පරිශ්‍රයේදී සිදු කෙරුණු අතර, එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්පීවීකේ සේනාධීර නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එච්ටීඑච් ධර්මදාස නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එස්පීවීකේ සේනාධීර නිළධාරීතුමන් විදේශ පුහුණුවීම්වල නිරත වීමට නියමිතව ඇත. නව අණදෙන නිලධාරීතුමන් ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් උපාධිය ලබා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරියා ලෙස වැඩ භාර ගනී.

නික්ම යන අණදෙන නිළධාරීවරයා තමන් අණදෙන නිළධාරීතුමන් ලෙස කටයුතු කරන කාලය තුලදී පුහුණු පාසලේ සේවයේ නියුතු සියලුම සේවා සහ සිවිල් කාර්යමණ්ඩලය ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පළ කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි