ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුන් අතර සමුගැනීමේ හමුවක්
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් මහතා  2023 නොවැම්බර් 30 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය. නික්ම යන සහකාර ආරක්‍ෂක උපදේශකවරයා, තම ධුර කාලය තුළ ලබාදුන් සියලු සහයෝගීතාව වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

සුහද සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ඔහු ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ මෙහෙවර අගය කළ ගුවන් හමුදාධිපතිතුන් ඔහුගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි