මධ්‍යම අප්‍රිකානු ජනරජය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් භට පිරිස් පිටත්ව යයි
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩලයේ රාජකාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 9 වන බලඇණිය 2023 දෙසැම්බර් 04 වන දින පිටත්ව ගියේය. මෙම බළකාය නිලධාරීන් 21 දෙනෙකු සහ ගුවන් භටයින් 89 දෙනෙකුගෙන් සමන්විත විය.
 
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක දූත මණ්ඩලයේ රාජකාරි කිරීමට අවශ්‍ය විවිධ වෘත්තිකයින්ගෙන් සමන්විත වූ මෙම බලඇණියේ නායකත්වය විංග් කමාන්ඩර් අසංක රත්නායක විසින් දරනු ලබයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක හමුදාවේ වසරක සේවා කාලය සාර්ථකව නිම කිරීමෙන් පසු පුද්ගලයින් 94 දෙනෙකුගෙන් සමන්විත 8 වන ගුවන් හමුදා බලඇණිය 2023 දෙසැම්බර් 05 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිනෙන ලදී. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මානුෂීය සහ සාම සාධක මෙහෙයුම් 2022 දෙසැම්බර් 04 දින සිට බලඇණිය යොදවා තිබූනි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි