ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
1:23pm on Friday 8th December 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 දෙසැම්බර් 05 වන දින කදවුරු මූලස්ථානයේදී පැවැත්වුනු අතර. එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් එස්පිවිකේ සේනාධීර නිළධාරීතුමන් වෙත නව තනතුර භාරදෙන ලදී. නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එන්එච්ඩීඑන් ඩයස් නිළධාරීතුමන් දේශීය පුහුණුවක් සඳහා පිටත්ව යාමට නියමිතව ඇත.

නව වැඩබලන අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එස්පීවීකේ සේනාධීර නිළධාරීතුමන් මීට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරියා ලෙස සේවය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි