මුදල් විශුද්ධිකරණය සහ නීතිමය ඇඟවුම් පිළිබඳ දේශනය
නීති අංශය විසින් “මුදල් විශුද්ධිකරණය පිළිබඳ හැඳින්වීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ නීතිමය බලපෑම්” යන මාතෘකාව යටතේ අඛණ්ඩ නීති අධ්‍යාපන දේශන මාලාව යටතේ තවත් දේශනයක් 2023 දෙසැම්බර් 11 වන දින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී. මෙම දේශනය සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නීති සහ ප්‍රොවෝස්ට් නිලධාරීන්, අපරාධ පරාසයේ සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් සහ සිවිල් නීති වෘත්තිකයන් පිරිසක් සහභාගී වූහ.
ආරාධිත දේශනය මෙහෙයවන ලද්දේ එයාර් කොමඩෝර් එම්පීඑස්එස් ද සිල්වා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්) - ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විනිසුරු අධිනීතිඥ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය අයේෂ් ආරියසිංහ විසිනි.