ශ්‍රී ලංකා පකිස්තාන මහ කොමසාරිස්තුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර සමුගැනීමේ හමුවක්.
ශ්‍රී ලංකා පකිස්ථාන මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බුර්කි (විශ්‍රාමික) මහතා 2023 දෙසැම්බර් 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවන ලදී.

නික්ම යන මහ කොමසාරිස්වරයා හට තම ධූර කාලය තුළ ලබා දුන් සියලු සහයෝගිතාව වෙනුවෙන් ගුවන් හමුදාපතිතුමන් විසින් සිය කෘතඥතාව පළ කළේය.

සුහද සාකච්ඡාවලින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නික්ම යන මහ කොමසාරිස්වරයා සහ ගුවන් හමුදාපතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි