ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිළ හමුවක්
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ සිට නික්ම යන ආරක්‍ෂක උපදේශක කපිතාන් ඉයන් කේන් මහතා 2023 දෙසැම්බර් 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී සිය සමුගැනීමේ හමුව සිදුකරන ලදී. ඊට සමගාමීව, නව ආරක්ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් මහත්මිය ද මෙම හුමුවට එක්විය.

අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ සාකච්ඡාවලින් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද මෙහිදී සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි