අංක 21 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක. 92 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය.
අංක 21 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 92 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2023 දෙසැම්බර් 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ඇස්ට්‍රා ශාලාවේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එයාර් කොමඩෝර් ඩබ්ලිව්.පී.ඒ.එච්. පෙරේරා නිළධාරීතුමන් සහභාගී විය.
සති 14ක් පුරා පැවැත්වුනු මෙම පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන් ශක්තිමත් අධ්‍යාපනික හැඟීමකින්, කාර්යක්‍ෂම කළමනාකාරිත්ව කුසලතාවකින් සහ තියුණු නායකත්ව ලක්ෂණවලින් මනාව හැඩගැන්වීමයි. රජරට විශ්ව විද්‍යාලය හා අනුබද්ධිත මෙම පාඨමාලාව අවසන් වූයේ සුදුසුකම් ලත් අධිකාරී නොලත් නිලධාරීන්ට කළමනාකරණ සහතික ප්‍රදානය කිරීමෙනි.
අංක 21 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 92 සිංහල මාධ්‍ය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 57ක් සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 78ක්, ශ්‍රී ලංකා යුද හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 02ක් සහ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් එක් නිලධාරීයකු මෙන්ම නාවික හමුදාවේ එක් නිලධාරීයකු, සැම්බියානු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් එක් නිලධාරීයකු සමන්විත විය. උත්සවයේ දී පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් සම්මානලාභීන් 139 දෙනෙකු සහතිකපත් ලබා ගත්හ.
අංක 21 ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් අතරින් සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යයන් ලෙස බළපන්ති සැරයන් ලක්සිරි සහ කෝප්‍රල් සපුගස්තැන්න සමිමාන හිමිකරගත් අතර අංක 92 සිංහල මාධ්‍ය පාඨමාලාවේ හොඳම සර්ව අංශයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා ලෙස බළපන්ති සැරයන් සේනාරත්න ඩීඑන්අයි සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා ලෙස කෝප්‍රල් සේනාරත්න ඩබ්ලිව් එම් සී සී සම්මානයට පාත්‍ර වූහ.