ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ අභිනවයෙන් පත් වූ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් මන්දීප් සිං නේගි මහතා 2023 දෙසැම්බර් 20 ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

සුහද සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ සහකාර ආරක්ෂක උපදේශකවරයා අතර නිල සමරු ඵලක හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි