ගුවන් හමුදා MI 17 වර්ගයේ හෙලිකොප්ටරය ශ්‍රී පාදය මත අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියට සහාය දක්වයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීම යටතේ සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අංක 06 හෙලිකොප්ටර් බලඝණයේ MI-17 හෙලිකොප්ටරය 2023 දෙසැම්බර් 18 වන දින ගුවනින් භාන්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුමක් සාර්ථකව නිම කරන ලදී. ශ්‍රී පාදස්ථානය මත නව පානීය ජල ව්‍යාපෘතියේ පොම්පාගාර සඳහා විදුලිය නිපදවීම සඳහා දැනට සිදු කෙරෙන ඉදිකිරීම් කටයුතු වලට සහාය වීම සඳහා 2023 දෙසැම්බර් 15 වන දින මෙම මෙහෙයුම ආරම්භ කරන ලදී.
දින හතරක මෙහෙයුම අතරතුර, ගුවන් යානයේ කාර්ය මණ්ඩලය පැය 9 යි විනාඩි 45 ක කාලයක් කැප කරමින් මෙම මෙහෙයුම සිදු කළහ. ඔවුන් ටොන් 25ක බරක් නල්ලතන්නිය සිට ශ්‍රී පාදස්ථාන කඳු මුදුනේ ඉඳිකටුපාන සහ රතු අම්බලම යන ගමනාන්ත වෙත අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද ගුවන් මගින් සාර්ථකව රැගෙන ගියහ. මෙහිදී විදුලි ට්‍රාන්ස්ෆෝමර් 4ක්, ජල පොම්ප, යකඩ විදුලි කණු රැසක්, විදුලි කම්බි බෙර, සිමෙන්ති, වැලි සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු විවිධ උපකරණ සහ ද්‍රව්‍ය ගුවන්ගත කිරීම සඳහා ගුවන් හමුදා නියමුවන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ.

විංග් කමාන්ඩර් රසංක විජේවර්ධන මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 24 දෙනෙකුගෙන් සහ ගුවන් භටයින් 71 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ සම්පූර්ණ මෙහෙයුම මෙහෙයවන ලදී. මීට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සහ නල්ලතන්නිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් මෙහෙයුමේදී සහාය ලබා දෙන ලදී