2023 මන්චී සුපර් ලීග් වොලිබෝල් ශූරතාවලියෙන් ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ඉහළම ගෞරව දිනා ගනියි
2023 දෙසැම්බර් 24 වැනි දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති 2023 මන්චි සුපර් ලීග් වොලිබෝල් ශූරතාවලියේ  ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ඉහළම ගෞරව දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය (SLVF) විසින් මෙහෙයවන ලද මෙම තරඟාවලිය සඳහා කාන්තා කණ්ඩායම් 07 ක් සහභාගී විය.

ප්‍රබල දක්ෂතා සහ ප්‍රවීණත්වයන් පෙන්නුම් කරමින්, ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව 25-21, 25-18 සහ 25-17 ලෙස ලකුණු ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම තරග වට තුනම ජයග්‍රහණය කිරීමට සමත් විය. ඔවුන්ගේ උපාය මාර්ගික දස්කම් සහ උපක්‍රමශීලී ක්‍රීඩාව මෙහිදී කැපී පෙනිනි.

 කණ්ඩායමේ සාර්ථකත්වයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් නායක  ගුවන් කාන්තා තුෂාරි ජේඩබ්පී  වටිනාම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර විය. ගුවන් හමුදා වොලිබෝල් සභාපති එයාර් කොමඩෝර් පද්මන් ද කොස්තා, ගුවන් හමුදා වොලිබෝල් ලේකම් ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු, පුහුණුකරු සමන්සිරි සෙනෙවිරත්න සහ සහකාර පුහුණුකරු කෝප්‍රල් ජයකොඩි යන මහත්වරුන්ගේ නායකත්වය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළේය.

 වැවිලි, ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු. රංජිත් සියඹලාපිටිය මහතා සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ගරු. කංචන ජයරත්න යන මහත්වරැන් මෙම අවස්ථාවට සහභාගි විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි