ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ වනව අණදෙන නිළධාරී රාජකාරී භාර ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ අණ වෙනස් කිරීම 2023 දෙසැම්බර් 29 වන දින සිදු විය. සම්ප්‍රදායික රාජකාරී භාරදීමේ සහ භාරගැනීමේ පෙළපාළිය දුම්රිය ස්ථාන පෙළපාලි භූමියේදී පවත්වන ලද අතර, පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒම්ඒඩීඒම්සී මනතුංග නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඒච්ඒඒම්සී හේරත් වෙත රාජකාරී භාර දෙන ලදී.
නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඒම්ඒඩීඒම්සී මනතුංග නිළධාරීතුමන් විස්න් තමා අණදෙන නිළධාරි ලෙස කටයුතු කළ කාලය තුලදී ලබාදුන් සහයෝගය වෙනුවෙන් කදවුරේ සිටි සියලුම සේවා සහ සිවිල් පුද්ගලයින් වෙත සිය කෘතඥතාව පළ කළේය.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්එම්සී හේරත් නිළධාරීතුමන් පලාලි කදවුරේ අණදෙන නිළධාරිවරයා ලෙස පත්වීමට පෙර සීගිරිය ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී ලෙස කටයුතු කරන ලදි.