ජාතික බර ඉසිලීමේ ශූරතාව - 2023
2023 ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය 2023 දෙසැම්බර් 27 දින සිට දෙසැම්බර් 30 දක්වා පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. විශිෂ්ට දක්ෂතා සහ ශක්තිය ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා බර ඉසිලීමේ ක්‍රීඩිකාවන් සමූහ ශූරතාව දිනා ගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කනිෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ක්‍රීඩිකාවන් අනුශූරතාවය හිමිකර ගන්නා ලදී.

 කෝප්‍රල් ගෝමස් බීඩීඒච් කාන්තා අංශයේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ අතර, හොඳම එසවුම් ක්‍රීඩිකාව  ලෙස කීර්තිමත් නාමය ලබා ගත්තේය. මීට අමතරව, ගුවන් භට දිසානායක ඒච්ඒම්ඒස්ඒම්  කිලෝග්‍රෑම් 96 බර පංතියෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවමින් සහ ස්නැච් ක්‍රීඩාවේදී  කිලෝග්‍රෑම් 132ක් බරක් ඔසවමින් ඉතිහාසගත විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි