කටුනායක ගුවන් හමුදා කදවුරු ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයේ නව අණදෙන නිළධාරී රාජකාරී භාර ගනියි
කටුනායක ගුවන් හමුදා කදවුරු ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයේ (AEW) අණ වෙනස් කිරීම 2024 ජනවාරි 03 වන දින සිදු කරන ලදී. සම්ප්‍රදායික රාජකාරී භාරදීමේ / භාරගැනීමේ පෙළපාලිය පක්ෂාංග පරිශ්‍රයේදී සිදු වූ අතර, පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒකේකේආර් විසින් ගෲප් කැප්ටන් ඒම්ඒෆ්  ජන්සන් වෙත රාජකාරී  භාර දෙන ලදී.

 ගෲප් කැප්ටන් එම්එෆ් ජන්සන් මීට පෙර ගුවන් යානා ඉංජිනේරු පක්‍ෂාංගයේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ රාජකාරී කරන ලදි. නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.කේ.කේ.ආර්. අබේසිංහ ඉන්දියාවේ 64 වැනි ජාතික ආරක්‍ෂක පාඨමාලාව සඳහා සහභාගි වනු ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි