ගුවන් හමුදා මඩකලපුව කඳවුර 'පොසොන්' උත්සවය සමරයි
ගුවන් හමුදා මඩකළපුව කඳවුරේ 'පොසොන් උත්සවය' කඳවුරු අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් අජිත් වැවේගම මහතාගේ ප්‍රධානත්වයෙන් කඳවුරු පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. මෙම උත්සවය කඳවුරේ සහ ප්‍රදේශයේ සියලු දෙනාගේම සහභාගීත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි.
එදින සවස මඩකලපුව මංගලාරාමයේ අතිපූජ්‍ය අංපිටිය සුමනානන්ද තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් පිරිත් සජ්ඣායනාවක් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
තවද මහින්දාගමනය සනිටුහන් කරමින් 'මිහින්තලය' ආකෘතියක් කඳවුරු ප්‍රධාන ආරක්ෂක මැදිරිය අසල ප්‍රදර්ශනය කරන ලදී. මෙම නිර්මාණය දැක බලා ගැනීමට ප්‍රදේශවාසී සියලු දෙනාටම අවස්ථාව උදාවිය. එහිදී පැමිණ සිටි සියලු දෙනාටම බිස්කට් සහ සිසිල්පැන් දන්සැලක් ලබා දෙන ලදී.