අංක 10 ප්‍රහාරක බලඝණය සිය 28 වැනි සංවත්සර සමරනු ලබයි
"සිංහ පැටවුන්" ලෙසින් ප්‍රකට අංක 10 ප්‍රහාරක බලඝණය 2024 ජනවාරි 05 වන දින සිය 28 වැනි සංවත්සරය සමරන ලදී. අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්ලිව්.එම්.ටී.ජී.පී.එස් විජේකෝන් නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩ පෙළපාලියකින් දින සැමරුම ආරම්භ විය.

සැමරුම් දිනට සමගාමීව ජාතියේ නිදහස වෙනුවෙන් උපරිම කැපකිරීමක් කළ ගුවන් රණශූරයන් සිහිකර ලේ දන්දීමේ වැඩසටහනක් බලඝණ සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.

අංක 10 ප්‍රහාරක බලඝණය ආරම්භයේ දී ගුවන් නියමුවන් හතර දෙනෙකු, ඉංජිනේරු නිලධාරීන් හතර දෙනෙකු සහ කාර්මික ශිල්පීන් හැත්තෑ දෙනෙකුගෙන් සමන්විත වූ අතර, ඔවුන් සියල්ලෝම IAI තාක්ෂණික විශේෂඥයින් සහ ඊශ්‍රායලයේ උපදේශක නියමුවන් විසින් දැඩි ලෙස පුහුණු කරන ලදී. ගුවන් හමුදාව තුළ කීර්තිමත් හමුදාවක් ලෙස, ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් දිවයින මුදා ගැනීම සඳහා අංක 10 ප්‍රහාරක බලඝණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි