
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර ඉලෙක්ට්‍රොනික හා වැඩ අංශ විවෘත කිරීම
ඉලෙක්ට්‍රොනික අංශය සහ වැඩ අංශය 2024 ජනවාරි 08 වන දින ගුවන් හමුදා ගුවන්පුර පරිශ්‍රයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. සමාරම්භක උත්සවයේදී ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන විසින් ඉලෙක්ට්‍රොනික අංශයේ ඵලකය නිරාවරණය කරන ලද අතර වැඩ අංශය ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතා විසින් විවෘත කරන ලදී.
Electronics
Section
Works
Section





