මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වේ
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීවල යෙදී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Mඉ-17 හෙලිකොප්ටර් යානා තුනෙන් එකක් එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමක් සඳහා බ්‍රියා සිට නාවික සැතපුම් 140ක් ඊසාන දෙසින් පියාසර කරන අතරතුර 2024 දෙසැම්බර් 12 වන දින උදෑසන කඩා වැටුණි. මුලික විමර්ශනවලින් ඇඟවෙන්නේ අහිතකර සුළං සහිත දූවිලි තත්ව යටතේ Mඉ-17 හෙලිකොප්ටරය ගොඩබෑමේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි. මෙම සිද්ධියෙන් හෙලිකොප්ටරයේ සිටි නියමුවාට සහ කාර්ය මණ්ඩලයේ සිව්දෙනාට තුවාල සිදුවී නොමැත.

සිද්ධියෙන් පසු ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක නිලධාරීන්ගෙන් සමන්විත විමර්ශන කණ්ඩායමක් එම ස්ථානයට යොමු කළ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ද පත් කර ඇත.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි