ශ්‍රී ලංකා නාවික හමුදාවේ සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සමුගැනිමේ හමුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් චන්දන රත්නායක මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර 2024 ජනවාරි 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

කෙටි සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. ඔහු ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ මෙහෙවර අගය කළ ගුවන් හමුදාධිපතිතුමන් ඔහුගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි