අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය (ADRS) 17 වන සංවත්සරය සමරයි
අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2024 පෙබරවාරි 01 වන දින සිය 17 වැනි සංවත්සරය සනිටුහන් කළේය. 2007 ජනවාරි 31 වන දින ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියට ඒකාබද්ධ කරන ලද INDRA MK II රේඩාර් පද්ධතියෙන් මෙම බලඝණය සමන්විත වේ. 2007 පෙබරවාරි 01 වන දින ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ දී ආරම්භ කරන ලද එය පසුව 2012 මැයි 7 වන දින YLC-18 රේඩාර් පද්ධතිය ගුවන් හමුදා වීරවිල කදවුරේ ස්ථාපිත කරන ලදී.
අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය ආරම්භයේ සිටම අණදෙන නිලධාරීන් නව දෙනෙකු සේවය කර ඇත. වත්මන් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චන්න නන්දසේන නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩ පෙළපාලියකින් දින සැමරුම ආරම්භ කරන ලද අතර බලඝණයේ සියලුම නිළධාරීන් සෙසු නිළයින් එක්ව ක්‍රිකට් තරඟාවලියක් සහ විනෝදාත්මක වැඩසටහන් රැසක් පැවත්වන ලදී. අනතුරුව සියලුම නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයකින් දින සැමරුම අවසන් විය.
සංවත්සර උත්සවයට සමගාමිව දින තුනක් පුරා විශේෂ වැඩසටහන් පැවැත්වීය. 2024 ජනවාරි 30 වන දින කිරින්ද ප්‍රදේශයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ 2024 ජනවාරි 31 වන දින හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල සමඟ එක්ව ලේ දන්දීමේ වැඩසටහනක් මෙයට ඇතුළත් විය.