ඉන්දියාවේ ජර්මානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකතුමන්, සහකාර ආරක්‍ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ඉන්දියාවේ ජර්මානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් ක්ලවුස් මර්කල් සහ සහකාර ආරක්‍ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඇන්ඩ්‍රේ නිඩ්හෝෆර් මහතා 2024 පෙබරවාරි 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුනු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි