ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ නව අණදෙන නිළධාරී තනතුර භාර දීම සය භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2024 පෙබරවාරි 16 වන දින පවත්වන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ආර්එම්එස්එන් රිටිගල නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් සෙනෙවිරත්න නිළධාරීතුමන් වෙත වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම් සෙනෙවිරත්න විසින් වන්නි ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරි තනතුර භාරගැනීමට පෙර ගුවන් හමුදා කොළඹ කඳවුරේ 28වන රෙජිමේන්තු පක්‍ෂාංගයේ අණදෙන නිළධාරී ලෙස සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි