ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයෙහි සමාරම්භක‍ සම්මන්ත්‍රණය අනාගත සහයෝගීතාවය සඳහා අදියර සකසයි
5:27pm on Wednesday 20th March 2024
ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලය (CMETSL) විසින් සංවිධානය කරන ලද ප්‍රථම හමුදා ඉංජිනේරු සහ තාක්ෂණික සමුළුව 2024 පෙබරවාරි 16 වන දින වැලිසර Wave N' Lake Navy උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා සහභාගි විය.

ආරක්ෂක ලේකම්වරයා සිය දේශනය අතරතුර, යුද මෙහෙයුම්වල අනාගතය හැඩගැස්වීමේදී තාක්ෂණයේ වැදගත්කම අවධාරනය කළේය.

මෙම උත්සවයේදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයෙ සාමාජික සහතික පිරිනමන ලදී.

"අනාගතය සඳහා හමුදා තාක්‍ෂණය සහ ඉංජිනේරු විද්‍යාවේ නවීන අභියෝග කළමනාකරණය කිරීම" යන තේමාව පිළිබඳ සාකච්ඡා කල අතර හමුදා තාක්‍ෂණ අංශ අතර සහයෝගීතාවය සක්‍රීය කිරීම, නවීන දියුණුව, ආරක්ෂක අභියෝග සහ නවෝත්පාදනයේ කාර්යභාරය ඇති වැදගත්කම පිළිබඳ අදහස් හුවමාරු කරගන්නා ලදී.

ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයෙහි සභාපති සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් රවී රණසිංහ මහතා පිළිගැනීමේ දේශනය පැවැත්වූ අතර ප්‍රධාන දේශනය WSO2 හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය සංජිව වීරවර්ණ විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා හමුදා ඉංජිනේරු හා තාක්ෂණ විද්‍යාලයේ සමාරම්භක සම්මන්ත්‍රණය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, අනෙකුත් සම්භාවනීය ආරාධිතයින් සහ ත්‍රිවිධ හමුදා ඉංජිනේරුවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි