ගුවන් ආරක්ෂක අවි පුහුණු පාසල 12 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ ගුවන් ආරක්ෂක අවි පුහුණු පාසල (ADGTS) සිය 12 වන සංවත්සරය 2024 පෙබරවාරි 23 වන දින සමරනු ලැබීය. මෙම පාසල පළමුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත කරන ලද අතර පසුව 2012 පෙබරවාරි 05 වන දින ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත අනුයුක්ත කරන ලද අතර 2013 පෙබරවාරි 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තනි කණ්ඩායමක් බවට පත් විය.
ගුවන් ආරක්ෂක අවි පුහුණු පාසල මේ දක්වා අණදෙන නිලධාරීන් හත් දෙනෙකු විසින් අණ දී ඇති අතර දැනට ස්කොඩ්‍රන් ලීඩර් බී.එම්.පී.අයි බාලසූරිය නිළධාරීතුමන් අණදෙන නිළධාරී තනතුර දරනු ලබයි. මෙම පුහුණු පාසල මූලික ගොඩබිම් පදනම් කරගත් ගුවන් ආරක්ෂක (LBAD) පාඨමාලාව, ගුවන් ආරක්ෂක උපදේශක පාඨමාලාව, IGLA මිසයිල පුහුණු පාඨමාලාව, USFM රේඩාර් පුහුණු පාඨමාලාවන් සිදුකරනු ලබයි. නිලධාරීන්, ගුවන් භටයින් සහ නිලධාරි ශිෂ්‍යභටයින් සඳහා මෙම පාඨමාලාවන් පවත්වනු ලබයි.
සකොඩ්‍රන් ලීඩර් එස්.ඒ.ඩී.කේ සමරවීර නිළධාරීතුමන් විසින් මෙහෙයවන ලද කදවුරු පරිශ්‍රයේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සංවත්සර දින කටයුතු ආරම්භ විය.
පෙළපාලියෙන් අනතුරුව නිලධාරීන්, උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය සමග එක්ව ආගමික වැඩසටහනක්, කඳවුරු පරිශ්‍රය තුළ ශ්‍රමදාන වැඩසටහනක් මෙන්ම කිලිනොච්චිය බස් නැවතුම්පොළ පිරිසිදු කර තීන්ත ආලේප කරන ලද අතර පවත්වන ලද සුහද වොලිබෝල් තරගයකින් එදින උත්සවය අවසන් විය.