ගුවන් හමුදාධිපතිතුමන් සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනය - 2024 නැරඹීම සදහා සහභාගීවෙයි
10:37pm on Monday 25th March 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 පෙබරවාරි 20 වන දින චැංගි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වූ ආසියාවේ විශාලතම සහ ලොව වඩාත්ම බලගතු අභ්‍යවකාශ සහ ආරක්ෂක ඉසව්වලින් එකක් වන 9 වන සිංගප්පූරු ගුවන් ප්‍රදර්ශනයට සහභාගී විය.

දහසකට අධික අභ්‍යවකාශ සහ ආරක්ෂක සමාගම්, රටවල් 50කට වැඩි ප්‍රමාණයක් නරඹන්නන් 50,000කට ආසන්න පිරිසක් ගුවන් ප්‍රදර්ශනයට සහභාගි වූහ. ගුවන් හමුදාධිපතිතුමා ඇතුළු ලොව පුරා සිටින ජාත්‍යන්තර ගුවන් හමුදාවන්හි තවත් රාජ්‍ය සහ හමුදා ප්‍රභූවරුන් රැසක් සමඟ ප්‍රදර්ශනය නැරඹීම සදහා සහභාගී විය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විවිධ රටවල ප්‍රමුඛ පෙළේ ගුවන් යානා කර්මාන්ත ක්ෂේත්‍රයන් සමඟ සුහද සාකච්ඡාවක නිරත විය. ද්විපාර්ශ්වික සහයෝගීතාව අවධාරණය කරමින්, හමුදා ගුවන් සේවා අංශයට ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගත් සහයෝගිතා හවුල්කාරිත්වයන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා ඇණිය වැඩිදියුණු කිරීමට සහ නවීකරණය කිරීමට අදහස් කරමින් ප්‍රමුඛ පෙළේ ජාතීන් විසින් අනුගමනය කරන ලද අති නවීන ගුවන් යානා තාක්ෂණයන්හි දියුණුව ගවේෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි