ශ්‍රී ලංකා කොළඹ යෝග්‍යතා උළෙලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව දස්කම් දක්වයි
10:35pm on Sunday 14th April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කඹ ඇදීමේ කණ්ඩායම මාර්තු 02 වන දින කොළඹ හැව්ලොක් පිටියේ පවත්වන ලද කොළඹ යෝග්‍යතා උළෙල 2024දී තලංගම අයන් ආම්ස් කණ්ඩායම පරාජය කරමින් කඹ ඇදීමේ ශූරතාවලියේ ශූරතාවය හිමිකරගන්නා ලදී.

කාන්තා අංශයේ අනුශූරතාව ගුවන් හමුදා කාන්තා කණ්ඩායමට හිමිවිය. තරගාවලියට කඹ ඇදීමේ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි විය.

ශාරීරික යෝග්‍යතා තරගයේදී, ගුවන් හමුදා අයෝමී පුරුෂ ක්‍රීඩකයින් තම ශක්තිය ප්‍රදර්ශනය කළ අතර, ගුවන් භට සමස්ත තෙවැනි ස්ථානය හිමිකර ගනිමින් කිලෝග්‍රෑම් 90 බර කාණ්ඩයේ රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි