ශ්‍රී ලංකා ගුවන් හමුදාව සාර්ථක පරම්පරාවක මහිමය සමරයි
10:38pm on Sunday 14th April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරාර්ථකාමීව රට ඉදිරියේ තැබූ දේශයේ දූ පුතුන්ගේ දහදිය, ලෙයින් සහ කඳුළින් වසර 73ක අභිමානවත් දායාදයක් සමඟින් ජාතියට ඉටුකළ විශිෂ්ඨ සහ ගෞරවනීය සේවාව සමරමින් සාම්ප්‍රදායික කොක්ටේල් සංග්‍රහය පවත්වන ලදී.මෙම උත්සවය 2024 මාර්තු 02 වන දින අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් භෝජන සංග්‍රහ සහ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

උතසවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහභාගී විය. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආර්යාව වන ඉනෝකා රාජපක්ෂ මහත්මිය සහ පැමිණ සිටි ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ එක්ව ගුවන් හමුදාධිපතිතුමා විසින් යෝජනා කරන ලද සව්දිය පිළිගැන්වීමෙන් අනතුරුව සංවත්සර කේක් කපන ලදී. චිප්මන්ක්, පීටී 6 පුහුණු ගුවන් යානා, මිනිසුන් රහිත ගුවන් යානා සහ නියමු උපකරණ ඇතුළු ගුවන් හමුදා ගුවන් යානාවලින් මෙම අවස්ථාව විචිත්‍රවත් ලෙස අලංකාර කර තිබුණි.

මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති , වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ඔවුන්ගේ භාර්යාවන්, හිටපු ගුවන් හමුදාපතිවරුන් වන එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල ඇතුළු සම්භාවනීය අමුත්තන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ගුවන් හමුදා කළමනාකාරීත්ව මණ්ඩලයේ සාමාජිකයින්, විදේශීය සම්භාවනීය අමුත්තන්, සේවයේ නියුතු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි