25 වන ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹදී ආරම්භ වේ
11:01pm on Sunday 14th April 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුද පාපැදි සවාරිය - 2024 25 වැනි වරටත් පවත්වනු ලබන තරගය 2024 මාර්තු 03 වන දින කොළඹ, ගෝල්ෆේස් පිටියේදී ආරම්භ කරන ලද අතර මෙවර තරගය 73 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වේ.

විශේෂයෙන්ම ඉන්දීය ගුවන් හමුදාව නියෝජනය කරන සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දෙස් විදෙස් ක්‍රීඩකයින් ඇතුළු පිරිමි එකසිය හතරකට අධික පිරිසක් සහභාගී වූ පිරිමි ධාවන තරඟය මහනුවරදී කි.මී. 104.3 දුරක් ගෙවමින් පළමු වටය නිමා කිරීමට නියමිතයි. දින පහකින් වට පහක් සම්පූර්ණ කිරීමෙන් පසු තරගය 2024 මාර්තු 07 දින යාපනයේදී අවසන් කෙරේ.

කාන්තා තරගය 2024 මාර්තු 07 දින මාන්කුලම් හිදී ආරම්භ වී ආසන්න වශයෙන් කිලෝමීටර් 97ක දුරක් ආවරණය කරමින් යාපනයේදී අවසන් වීමට නියමිතය.

25 වැනි ගුවන් හමුද පාපැදි සවාරිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස නිපෝන්ට් පේන්ට් පුද්ගලික සමාගම සහ අබාන්ස් ගෘප් සමාගම කටයුතු කරන ලද අතර නිල රක්ෂණ සහකරු ලෙස පීපල්ස් ඉන්ෂුරන්ස්, නිල බැංකු සහකරු ලෙස මහජන බැංකුව සහ නිල ආහාර පාන සහකරු මැලිබන් බිසිකට් පුද්ගලික සමාගමද සම අනුග්‍රහ දායකත්වය විජය නිෂ්පාදන පුද්ගලික සමාගම කටයුතු කරනු ලබයි. මෙම තරගය චැනල් අයි රූපවාහිනී නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට මෙන්ම හිරු එෆ්.එම් සහ සූරියන් එෆ්.එම් රේඩියෝ නාලිකා ඔස්සේ සජීවී විකාශයට සවන්දීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට මෙවර සලසා දී ඇත. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟින් බෙල්-212 හෙලිකොප්ටරයකින් සම්පූර්න තරඟයම සජීවීව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ එකම පාපැදි තරඟය මෙයයි.

සම්මාන ප්‍රදානෝත්සවය 2024 මාර්තු 07 වන දින යාපනයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සංමේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදා පාපැදි සංමේලනයේ ලේකම් ගෲප් කැප්ටන් රංග පෙරේරා මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වසරේ පාපැදි සවාරිය සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි