
ගුවන් හමුදා පාපැදි සවාරිය 2024 2 වන අදියර අවසන් කෙරේ
25 වන ගුවන් හමුදා පාපැදි සවාරිය දෙවන අදියර කිලෝමීටර් 137.2 ක දුරක් ගමන් කර 2024 මාර්තු 04 වන දින පොළොන්නරුවේ දී අවසන් විය. ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් නිපුන සොනාල් ද සිල්වා මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ පසිඳු තිසේර හිමිකරගත් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රභාෂ් සිල්වාට හිමිවිය.
තරගයේ තෙවැනි අදියර 2024 මාර්තු 05 වන දින පෙරවරු 08:30 ට කිලෝමීටර් 125.7 ක දුරක් ආවරණය කරමින් පොළොන්නරුවෙන් ආරම්භ කර ත්‍රිකුණාමලයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.
තරගයේ තෙවැනි අදියර 2024 මාර්තු 05 වන දින පෙරවරු 08:30 ට කිලෝමීටර් 125.7 ක දුරක් ආවරණය කරමින් පොළොන්නරුවෙන් ආරම්භ කර ත්‍රිකුණාමලයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.