ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීතුමන් පත් කරන ලදී
11:10pm on Sunday 14th April 2024


එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයට 2024 මාර්තු 02 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කරන ලදී. ගුවන් හමුදා මූලස්ථානයේ දී අභිනවයෙන් පත් වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී වෙත ගුවන් හමුදාධිපතිතුමන් සිය සුභාශිංසන පළ කරන ලදී.

එයාර් වයිස් මාර්ෂල් කොස්වත්ත මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධයාපනය හදාරා 1989 දී කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරියෙකු ලෙස බඳවා ගනිමින් ඔහු සිය හමුදා සේවා ගමන ආරම්භ කළ අතර ශාස්ත්‍රවේදී උපාධිය සාර්ථකව නිම කළේය. අනතුරුව, ඔහු ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ නිලධාරි ශිෂ්‍යභට මූලික සටන් පාඨමාලාව, ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ මූලික සැපයුම් සහ ශාඛා පාඨමාලාව සම්පූර්ණ කළේය. 1991 දී සැපයුම් ශාඛාවේ නියමු නිලධාරියෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම සනිටුහන් කළේය.

එයාර් වයිස් මාර්ෂල් කොස්වත්ත සිය කීර්තිමත් වෘත්තීය ජීවිතය පුරාවටම විවිධ වූ සහ සැලකිය යුතු වගකීම්වලින් කැපී පෙනෙන වැදගත් භූමිකාවන් මාලාවක් භාරගෙන ඇත. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධාකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසලේ ජ්‍යෙෂ්ඨ උපදේශක, කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ ප්‍රතිපාදන සහ ගිණුම් ඒකකයේ අණදෙන නිලධාරී, සහකාර ප්‍රසම්පාදන නිලධාරී - දේශීය, විදේශීය ප්‍රසම්පාදන නිලධාරි, සහකාර ප්‍රසම්පාදන නිලධාරී කොළඹ ප්‍රසම්පාදන අංශයේ ටෙන්ඩර් සහ ප්‍රධාන ප්‍රසම්පාදන නිලධාරි, මාණ්ඩලික නිලධාරී සැලසුම් ඓ, අයවැය පාලන නිලධාරී, කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ සැපයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රවාහන අධ්‍යක්ෂ සහ පුද්ගලික හා සැලසුම් අධ්‍යක්ෂක වශයෙන් ඔහුගේ සේවය මෙම කැපී පෙනෙන තනතුරු අතර වේ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි