ගුවන් හමුදා පාපැදි සවාරිය 2024 තුන්වන අදියර නිමා වේ
25 වන ගුවන් හමුදා පාපැදි සවාරියේ තුන්වන අදියර ෙ2024 මාර්තු 05 වන දින කිලෝමීටර් 125.7 ක ගමන් මාර්ගයක් ආවරණය කරමින් ත්‍රිකුණාමලයේදී අවසන් වූ අතර ශ්‍රී ලංකා යුධ හමුදා පාපැදි සම්මේලනය නියෝජනය කළ පසිඳු තිසේර තරගයේ මෙම අදියරේ ජයග්‍රහණය අත්කර ගත්තේය. එහි දෙවැනි ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංජු දීමන්තට හිමි වූ අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා පොලිසියේ ෂෙහාල් චමෝද්ට හිමි විය.

තරගයේ සිව්වන අදියර හෙට 2024 මාර්තු 06 වන දින පෙරවරු 08:30 ට ත්‍රිකුණාමලයෙන් ආරම්භ කර කිලෝමීටර් 139.4 ක දුරක් ආවරනය කරමින් වවුනියාවෙන් අවසන් වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි