ගුවන් හමුදා පාපැදි සවාරිය 2024 හි සිව්වැනි අදියර සාර්ථකව අවසන් වේ
25 වැනි ගුවන් හමුදා පාපැදි සවාරිය සිව්වැනි අදියර අභියෝගාත්මක කිලෝමීටර් 139.4කින් පසු 2024 මාර්තු 06  වන දින වව්නියාවේදී අවසන් විය. මෙම අදියරේ ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කළ ප්‍රභාෂ් සිල්වා සමත් විය. කදිරාන ස්පීඩ් පාපැදි සමාජයේ උමේෂ් වීරසිංහ දෙවැනි ස්ථානයට පත්වූ අතර ඉන්දීය ගුවන් හමුදාවේ ක්‍රිෂ්ණ නායකකොඩි තරගයේ තෙවැනි ස්ථානයට පත්විය.

තරගයේ අවසන් අදියරේ ආරම්භය 2024 මාර්තු 07 වන දින පෙරවරු 8.30ට වව්නියාවෙන් ආරම්භ වන අතර පාපැදිකරුවන් කිලෝමීටර් 147.4 ක දුරක් ආවරණය කරමින් යාපනයෙන් අවසන් වේ. මීට අමතරව, කාන්තා තරගය 2024 මාර්තු 08 වන දින ආරම්භ වන අතර, එය මාන්කුලම් වලින් ආරම්භ වී කිලෝමීටර් 97 ක දුරක් ආවරණය කරමින් යාපනයෙන් අවසන් වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි