
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිටපු හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසියට භාර දෙන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිටපු ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ අයිතිය ශ්‍රී ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාරදීම 2024 මාර්තු 15 වන දින සිදුකරන ලදී. මෙම උත්සවයට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්‍ෂක ලේකම් වියානි ගුණතිලක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.