ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැරෂුට් භටයින්ගේ සහ විසිර යාමේ පෙළපාලිය
පැරෂුට් භටයින්ගේ සහ විශේෂ ගුවන් විහිදුම් බලකායේ විසිර යාමේ පෙළපාලිය 2024 අප්‍රේල් 05 වන දින ගුවන් හමුදා අම්පාර කඳවුරේදී පැවැත්විණි. ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂ කාර්ය බළකායේ (STF) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වය මෙම උත්සවයේදී දැකගත හැකි වූ අතර, විශේෂයෙන්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ ගුවන් හමුදා පුහුණු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ටී.අයි. ප්‍රනාන්දු සහභාගී විය.

අඩි 1000 ක සිට AN-32 ගුවන් යානයකින් අභ්‍යාසලාභීන් විසින් ක්‍රියාත්මක කරන ලද ස්ථිතික රේඛා පැනීමේ සංදර්ශනයකින් පෙළපාලිය ආරම්භ විය. අනතුරුව, ගුවන් හමුදාවේ ස්කයි ඩයිවර්ස්ල විසින් අඩි 10,000ක් උසින් එම ගුවන් යානයෙන් පිටව යන විශ්මයජනක ගුවන් සංදර්ශණයකින් ප්‍රේක්ෂකයන්ගේ සිත් ඇද බැඳ ගත්තේය. පාඨමාලා සහභාගිවන්නන්ගේ නිරායුධ සටන් සංදර්ශණයක් සහ ගුවන් හමුදා චාරිත්‍රානුකූල තූර්ය වාදක කණ්ඩායම විසින් තූර්ය වාදක සංදර්ශණයක් ඇතුළුව ආකර්ශනීය සංදර්ශන මෙම උත්සවයට විචිත්‍ත්‍රතිවයක් එක් කළේය.

අංක 54 සහ අංක 55 මූලික ගුවන් පාඨමාලා, අංක 15 මිලිටරි ෆ්‍රී ෆෝල් පාඨමාලාව, අංක 04 ජම්ප් මාස්ටර් සහ ගුවන් මෙහෙයුම් පාඨමාලාව, සහ අංක 09 විශේෂ ගුවන් විහිදුම් බලකා පාඨමාලාව (SABF) සම්පූර්ණ කළ නිලධාරීන් සහ අනෙකුත් ශ්‍රේණිගත කරන්නන් ඔවුන්ගේ සුදුසුකම් ලාංඡන ලබා ගත්හ. ප්‍රතිලාභීන් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයින් 83 දෙනෙකු, ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 12 දෙනෙකු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 12 දෙනෙකු සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 4 දෙනෙකු ද ඇතුලත් විය.

මෙම අවස්ථාව සඳහා අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සුගතදාස, පැරෂුට් පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් විජිත ගෝමිස් සහ විශේෂ ගුවන් විහිදුම් බලකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුමේධ රිටිගල සහ පුහුණුලාභීන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

නායක ගුවන් භට කරුණාරත්න ආර්එම්ඩීආර්, කෝප්‍රල් ආරියවංශ ආර්එම්එන්සීබී, සීමන් එච්පීඑම්එම් රණසිංහ සහ නායක ගුවන් භ රණවීර ආර්එම්සීබී යන අයගේ ආදර්ශමත් දස්කම් මෙම උත්සවයේදී ඇගැයීමට ලක්වූ අතර, ඔවුන් අංක 54 සහ 55 දරන නිදහස් ආර පැනීම මූලික පැරෂුට් භටයින් ලෙස සම්මානයට පාත්‍ර විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි