පොලිස්පතිතුමන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර හමුවක්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2024 මාර්තු 08 උදෑසන ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ගුවන් හමුදාපතිවරයා විසින් පොලිස්පතිවරයා පිළිගන්නා ලද අතර ගුවන් හමුදා අංක 43 වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

අනතුරුව පොලිස්පතිවරයා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් හමුවිය.

චාරිත්‍රානුකූල කටයුතුවලින් අනතුරුව එයාර් මාර්ෂල් උදෙනි රාජපක්ෂ මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතර සුහද කතාබහක නිරත වූ අතර 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත් වූ දේශබන්දු තෙන්නකෝන් මහතාට ගුවන් හමුදාධිපතිතුමන් විසින් සුබ පැතුම් එක් කරන ලදී. ඉන් අනතුරුව ගුවන් හමුදාපති කාර්යාලයේදී ගුවන් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි