"බොතලේ - අපේ ළමයි" ළමා නිවාසයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලබයි
10:02am on Sunday 12th May 2024
2024 අප්‍රේල් 06 වන දින මීරිගම "බොතලේ- අපේ ළමයි" ළමා නිවාසයේ දී විශේෂ "ශ්‍රමදාන" ව්‍යාපාරයක් පැවැත්විණි. මෙම ළමා සුරැකුම් ආයතනය ආබාධ සහිත දරුවන් 53 දෙනෙකුට සෙවණ සපයයි. මීරිගම ගුවන් හමුදා කඳවුරේ "ගුවන් මිතුදම්" ව්‍යාපෘතිය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. කොළඹ කාන්තා විද්‍යාලයේ සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ "හුස්ම සැලැස්ම" සමඟ සහයෝගයෙන් මෙම ප්‍රයත්නයට සහයෝගය දැක්වූහ. ජල පිරිපහදු පද්ධතිය නැවත ස්ථාපනය කිරීම, ජලාපවහන මාර්ගයක් ඉදිකිරීම,  විවේකාගාර ප්‍රදේශ ටයිල් කිරීම සහ ළමා උද්‍යාන ක්‍රීඩා උපකරණ වර්ණ යෙදීම සිදුකර ළමා නිවාසයට භාර දෙන ලදී.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයන ලද්දේ ශ්‍රී ලංකා යුනයිට්ස් (SLU) කොළඹ කාන්තා විද්‍යාලයේ සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ බාලක බාලිකාවන් විසිනි. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, කොළඹ කාන්තා විද්‍යාලයේ සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුන් සහ මීරිගම ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි