අංක 22 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක. 93 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව සහතික ප්‍රදානය කිරීමේ උත්සවය
අංක 22 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 93 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2024 අප්‍රේල් 09 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා වන ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ඒ.වී.ජයසේකර නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ ඇස්ට්‍රා ශාලාවේදී පැවැත්විණී.

සති 14ක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ ත්‍රිවිධ හමුදාවේ අධිකාරී නොලත් නිලධාරීන් ශක්තිමත් අධ්‍යාපනික හැඟීමකින්, කාර්යක්‍ෂම කළමනාකාරිත්ව කුසලතාවකින් සහ තියුණු නායකත්ව ලක්ෂණවලින් මනාව හැඩගැන්වීමයි. රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධ මෙම පාඨමාලාව අවසන් වූයේ සුදුසුකම් ලත් අධිකාරී නොලත් නිලධාරීන්ට කළමනාකරණ සහතිකපත් ප්‍රදානය කිරීමෙනි.

අංක 22 ඉංග්‍රීසි මාධ්‍ය සහ අංක 93 සිංහල මාධ්‍ය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 68 දෙනෙකු සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 52 දෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකු, ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියෙකු සහ නාවික හමුදාව සහ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් දෙදෙනෙකුගෙන් සමන්විත විය. මෙම උත්සවයේ දී පාඨමාලා සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් සම්මානලාභීන් 125 දෙනෙකුට සහතික පත් ලබා ගන්නා ලදී.

අංක 22 ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාවේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් අතරින් සෑම අතින්ම දක්ෂතම නිලධාරීයා ලෙ‍ස සැරයන් ප්‍රියමාල් ජීඒ සහ කෝප්‍රල් අබේරත්න ඩී.පී.කේ.ජී.ඩී.ඩී.සම්මාන හිමිකරගත් අතර අංක 93 සිංහල මාධ්‍ය පාඨමාලාවේදී පිළිවෙළින් හොඳම සර්ව අංශයේ ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා සහ කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා ලෙස බළපංති සැරයන් ප්‍රදීප් ඩබ්ලිව්එම්එස් සහ කෝප්‍රල් ලක්මාල් කේඑස් සම්මානයට පාත්‍ර විය.

මෙම උත්සවයේදී තවත් විශේෂ සම්මානලාභීන් රැසක් ද සම්මාන හිමිකර ගැනීමට සමත්විය

සම්මානලාභීන් අංක 22 ඉංග්‍රීසි මාධ්‍ය අධිකාරී නොලත් නිලධාරීන්ගේ පාඨමාලාව

සෑම අතින්ම දක්ෂතම ජ්‍යෙෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා
සැරයන් ප්‍රියමාල් ජීඒ

සෑම අතින්ම දක්ෂතම කනිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරියා
කෝප්‍රල් අබේරත්න

කළමනාකරණය අංශයේ හොඳම ශිෂ්‍යයා
කෝප්‍රල් අබේරත්න




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි