ඉරණමඩු ගුවන් හමුදා කඳවුර උතුරු පළාතේ අලගපුරි ප්‍රාථමික පාසල නවීකරණය කරයි
"මිත්‍රත්වයේ පියාපත්" යන තේමාව යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සරයට සමගාමීව උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරාගත් පාසල් 73 ක යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ආරම්භ කර ඇත. මෙම මුලපිරීමේ කොටසක් ලෙස, ඉරනමඩු ගුවන් හමුදා කඳවුර කලාපයේ අඩු වරප්‍රසාද ලත් පාසල් දොළහක් ප්‍රතිසංස්කරණය කිරීමට දායක වී ඇත. රාමනාදපුරම් හි අලගපුරි ප්‍රාථමික විද්‍යාලය නවීකරනය කර උත්සවාකාරයෙන් භාරදීම සහ විවෘත කිරීමේ උත්සවය 2024 අප්‍රේල් 26 වන දින සිදු කරන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වැඩබලන අණදෙන නිළධාරී ස්කොඩ්‍රන් ලීඩර් බාලසූරිය නිළධාරීතුමන් සහභාගී වූ අතර, ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද එක්ව සිටියහ. පැමිණ සිටි පිරිස අතර පාසලේ විදුහල්පතිවරයා, ගුරු මණ්ඩලය සහ රාමනාදපුරම්හි අලගපුරි ප්‍රාථමික පාසලේ සිසුන් ද විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි