සේවා වනිතා ඒකකය විසින් සේවා පුද්ගලයින් සහ කාලාත්‍රයන් සඳහා කෘෂිකර්මාන්තය පදනම් කරගත් ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් පවත්වයි
3:00pm on Sunday 12th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන කෘෂි ඒකකය හා සම්බන්ධව සේවා පුද්ගලයින් සහ ඔවුන්ගේ කලත්‍රයන් සඳහා කෘෂිකර්මාන්තය සහ කිරි ආශ්‍රිත ස්වයං රැකියා අවස්ථා පිළිබඳව දැනුම ලබා දීමේ වැඩමුළුවක් සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන 2024 අප්‍රේල් 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ගෞරවනීය සහභාගීත්වයෙන් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු ඇස්ට්‍රා ශාලාවේදී පැවැත්විණි. මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය වූයේ සහභාගිවන්නන්ට ඔවුන්ගේ පවුල්වලට මූල්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා අවස්ථා ලබා දීමයි.

මෙම වැඩමුළුව සැසි 02 කින් සමන්විත විය. ගෙවතු වගාව, තවාන් කළමනාකරණය සහ විසිතුරු නිෂ්පාදන සම්බන්ධයෙන් පළමු සැසිය විංග් කමාන්ඩර් චරිත් විජේරත්න නිළධාරීතුමන් විසින් පවත්වන ලදී. දෙවන සැසිවාරයට කිරි නිෂ්පාදන සම්බන්ධ පුහුණු වැඩසටහනක් ඇතුළත් වූ අතර එය ස්කොඩ්‍රන් ලීඩර් ප්‍රසන්න රූපසිංහ විසින් පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා 200 කට අධික සේවා සාමාඡිකයින පිරිසක් සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ භාර්යාවන් ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් වසන්ත පද්මපෙරුම, නිලධාරීන් සහ ගුවන් හමුදා සාමාජිකයින් සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි