ශ්‍රී ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුරේ අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ අංශය 10 වැනි සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ අංශය සිය 10 වැනි සංවත්සරය 2024 අප්‍රේල් 28 වන දින සමරන ලදී. 10 වැනි සංවත්සරයට සමගාමීව ඉරට්ටපෙරියකුලම් වැව ආශ්‍රිතව කාලාන්තරයක් තිස්සේ ගොඩ ගැසුණු ප්ලාස්ටික්, පොලිඑතිලීන්, වීදුරු බෝතල් ඇතුළු අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් එහි සේවයේ නියුතු නිලධාරීන් සෙසු නිළයින් විසින් පවත්වන ලදී. තවද, අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එස්පීඩී හේමදාස ගේ මගපෙන්වීම යටතේ වවුනියාව ගුවන් හමුදා කඳවුරේ පිහිටි පිල්ලෙයාර් කෝවිලේදී ආගමික වැඩසටහනක් පවත්වන ලදී.

මීට අමතරව, චාරිත්‍රානුකූල වැඩ පෙළපාලිය 2024 අප්‍රේල් 29 වන දින පවත්වන ලද අතර එය අණදෙන නිලධාරීතුමන් විසින් සමාලෝචනය කරන ලදී. 10 වන සංවත්සරය නිමිත්තෙන් එම සංවත්සර ඵලකය වවුනියාව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ජේ.එම්.ඩී.ආර්.පී. ජයමහ වෙත භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි