ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මහ කන්නයේ වී වගාව ආරම්භ කිරීම සංකේතවත් කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර මගින් වාර්ෂිකව පවත්වනු ලබන "අලුත් සහල් මංගල්‍යය" 'මහ' කන්නයේ නෙළන ලද වී අස්වනු යොදා ගනිමින් 2024 අප්‍රේල් 29 වන දින ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි අභියසදී පවත්වන ලදී. වී වගා කටයුතු සියල්ල සාර්ථකව නිම කිරීමෙන් පසු මෙම ස්ථානයේදී පැවැත්වෙන සාම්ප්‍රදායික උත්සවයේ කොටසකි. මෙම වැඩසටහන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය ගේ අධීක්ෂණය යටතේ පැවැත්විණි. නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

තවද, ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස, අස්වනු නෙළන ලද වී අලෙවි කිරීමේ ක්‍රියාවලියේදී මුහුණ දෙන ගැටළු මඟහරවා ගැනීම සඳහා මෙම ස්ථානය ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභී ගොවීන්ගෙන් වී මිලදී ගැනීම දැනටමත් ආරම්භ කර ඇත. මෙම වී මිලදී ගැනීම ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සුභසාධන ව්‍යාපෘති ඒකකය හරහා ගුවන් හමුදාවේ සේවය කරන සියලුම සෙබළුන්ගේ, සිවිල් වැසියන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා යොදා ගැනේ. රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සුභසාධක ව්‍යාපෘති ඒකකයට සහල් කිලෝග්‍රෑම් 20000ක් පමණ මාසිකව සපයනු ලැබේ. මීට අමතරව, සහල් මෝල් ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නව ස්වයංක්‍රීය සහල් මෝලක් ද ස්ථාපනය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි