ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය 3වන සංවත්සරය සමරනු ලබයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය (AR&D) සිය 3 වන සංවත්සරය 2024 අප්‍රේල් 30 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ඉංජිනේරු පුරෝගාමීන් වන AR&D Wing විසින් ගුවන් විද්‍යාව ආශ්‍රිත පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සේවාව ලබා දී ඇත.
සංවත්සර දිනය සැමරීම සඳහා සම්ප්‍රදායික වැඩ පෙළපාලිය පක්‍ෂාංගයේ නිලධාරීන් සහ සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද අතර එය වත්මන් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පීඑන්ජේ ද සිල්වා විසින් සමාලෝචනය කරන ලදී.සැමරුමට සමගාමීව ඇතගම අමරසේකර ප්‍රාථමික විද්‍යාලයේ දී ප්‍රඡාසේවා වැඩසටහනක්ද පවත්වන ලදී.
අණදෙන නිළධාරීතුමන්, නිළධාරීන් සහ ගුවන් භටයින්ගේ සහභාගීත්වයෙන් සංවත්සරය නිමිත්තෙන් පක්ෂාංග පරිශ්‍රයේදී ආගමික වැඩසටහනක් පවත්වන ලදී. තවද සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය සහ සහෘදත්වය නැංවීම සඳහා ක්‍රිකට් තරඟාවලියක් ද පවත්වන ලදී.